රටම එකට ජාතික මෙහෙයුම යටතේ තවත් සැකකරුවන් 858 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඊයේ දිනය තුළ දිවයිනම ආවරණය වන පරිදි සිදු කළ වැටලීම්වලදී එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

ඒ අනුව සිදු කළ වැටලීම් 862කදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 12 දෙනෙකු සම්බන්ධයෙන් රැදවුම් නියෝග ලබාගෙන ඇති බවද පොලීසිය පැවසුවා.

එමෙන්ම තවත් සැකකරුවන් 15 දෙනෙකු පුනුරුත්ථාපනය සඳහා යොමු කර තිබෙනවා.

මේ අතර එම වැටලීම්වලදී ගංජා කිලෝ එකයි ග්‍රෑම් 154ක්, කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 3යි ග්‍රෑම් 870ක්, හෙරොයින් ග්‍රෑම් 425ක් ඇතුලු මත්ද්‍රව්‍ය වර්ග කිහිපයක් ද සිය භාරයට ගත් බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.