වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව පවතින ප්‍රධාන ජලාශ 36ක් සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 53කට අධික ප්‍රමාණයක් මේ වන විටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේවෙතත් එම ජාලශවල ජලය මුදාහරිනු ලබන්නේ පාලනයක් සහිතව බවයි වාරිමාර්ග අධ්යක්ෂ, ජල විද්‍යා ආපදා කළමණාකරණ ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර මහතා පැවසුවේ.
ඊසානදිග මෝසම් තත්ත්වයත් සමග ප්‍රධාන ගංඟාවල පසුගිය දින කිහිපයට සාපේක්ෂව ජල මට්ටම් ඉහළ ගියත් මෙතෙක් ගං වතුර අවදානමක් නොමැති බවද වාරිමාර්ග අධ්යක්ෂ, ජල විද්‍යා ආපදා කළමණාකරණ ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර මහතා සඳහන් කළා.
මේ අතර නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 01.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.




