මෙම දිනවල සවස් කාලයේ තද වැසි ඇද හැලුණද පවතින උණුසුම් කාලගුණය අඩු නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ මැයි මස 20 වනදා පමණ වනතුරු මෙම උණුසුම් කාලගුණය පවතිනු ඇති බවයි.

එමෙන්ම හෙට,  5 සිට 15 වනදා දක්වා කාලය තුළ සුර්යා දිවයිනට මුදුන්ව පවතිනවා.

ඒ අනුව  ජනතාවගේ ශරීරය උණුසුම් වනු ඇති බවත් වායුගෝලයට ජල වාෂ්ප එකතු වන බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණා.

සුළං හමන වේගය අඩුවීම හේතුවෙන් ශරීරයෙන් පිටවන දහඩිය වැඩි වේලාවක් එලෙසම පවතිනු ඇති.

කෙසේවෙතත් දිවයිනේ පවතින කාලගුණික තත්ත්වයේ වෙනසක් ඉදිරි දිනවල අපේක්ෂා කරන බවත් රාත්‍රී හෝ සන්ධ්‍යා කාලයේදී තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.