Published
දිවයිනට බලපා ඇති ඊසානදිග මෝසම් කාලගුණය හේතුවෙන් දෙසැම්බර් මස 09, 10 සහ 11 යන දිනවලදී වර්ෂාපතනය වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්‍යක්ෂ ජනරාල්, අතුල කරුණානායක මහතා අද ප්‍රකාශ කළේ මෙම දිනවලදී සුළඟේ වේගය ද වැඩි වන බවයි.
ඒ අනුව උතුරු, උතුරු මැද, වයඹ, නැගෙනහිර සහ ඌව යන පළාත්වල අහස වලාකුළින් බරව පවතින බවත් මිලි මීටර් 75 හෝ 100ක පමණ වැසි ඇති විය හැකි බවත් ඔහු පැවසුවා.
දිවයිනේ සෙසු පළාත්වලට මෙම කාලසීමාව තුළ විශේෂයෙන්ම නිරිතදිග කොටසට ගිගුරුම් සහිත වැසි නොමැති වුවත් වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, අතුල කරුණානායක මහතා වැඩිදුරටත් පැවසුවා.



