Published
මිනුවන්ගොඩ, යාගොඩමුල්ල ප්රදේශයේදි අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලීසිය වෙඩි තබා තිබෙනවා.
ඒ අනුව එම මෝටර් රථයේ සිටි සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.
මේ අතර කළුතර දකුණ, වෙට්ටුමකඩේ ප්රදේශයේ අද උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත් වුණා.
කළුතර දකුණ මරික්කාර් වීදිය ප්රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි පුද්ගලයෙක් එලෙස ජිවිතක්ෂයට පත් තිබෙනවා.
මෝටර් රථයකින් පැමිණි පිරිසක් එම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.




