Published
හෝකන්දර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අධි බලැති යතුරුපැදි 05 ක් හා ව්‍යාජ අංක තහඩු 02 ක් සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.
එම කාර්යාංශයට ලද තොරතුරක් මත අදාළ වැටලීම සිදුකර තිබෙනවා.
එහිදි අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝකන්දර ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
සැකකරු වැඩිදුර විමර්ශන සදහා අතුරුගිරිය පොලිස් ස්ථානය වෙත භාර දුන් බවයි හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය පැවසුවේ.




