Published
බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට වසර 27ක් සහ මාස තුනක සිරදඬුවමක් නියම කර තිබෙනවා. ඒ, හමුදා කුමන්ත්‍රණයක් සැලසුම් කිරීමේ චෝදනාවට වරදකරු කරමින්. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පස් දෙනෙකුගෙන් යුත් මණ්ඩලයේ බහුතර එකඟතාව මත මෙම දඬුවම නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 2022 මැතිවරණයෙන් ඔහුගේ වාමාංශික ප්‍රතිවාදියා වූ ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා හමුවේ පරාජය වීමෙන් පසු බලයේ රැඳී සිටීම සඳහා කුමන්ත්‍රණයක් සැලසුම් කිරීම හේතුවෙන් ජෙයාර් බොල්සොනාරෝට මෙලෙස චෝදනා එල්ල වී තිබුණා.