Published
කන්දකැටිය, ගිගිරිබුදාම ප්රදේශයේ පුද්ගලික ඉඩමක් තුළ පුරාවස්තු සොයා කැණීම් කරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ලද තොරතුරක් මත කන්දකැටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් අද අලුයම සිදුකළ වැටලීමකදීයි.
එහිදි කැණීම් කටයුතු සදහා යොදාගෙන තිබූ උපකරණද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු බදුලුඔය ප්රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.




