Published
මහජන දේපල සහ ධනය විනාශ කළ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම කිසිසේත්ම නතර නොකරන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ කිසිදු දේශපාලන පලිගැනීමකින් තොරව එම කටයුතු සිදුවන බවයි.
කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ මේ වන විට රාජ්‍ය නිලධාරින් සිය රාජකාරි ඉටු කිරීමට පවා බියවී සිටින බවයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේ ජනතාවට ලබාදුන් පොරොන්දු කිසිවක් මේ වන තෙක් ආණ්ඩුව ඉටුකර නොමැති බවයි.
ජනතාවට සහන ලබා නොදෙන බවට සහ රාජ්‍ය නිලධාරින් බිය වී සිටින බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අමාත්‍ය විජිත හේරත්ගෙන් විමසීමක් කළා.