උදෑසන රේඩියෝ වැඩසටහන්වල නවතම වෙනසක් නෙත් එෆ් එම් රේඩියෝවෙන් හෙට සිට ආරම්භ වනවා.

ශ්‍රාවක ජනතාවගේ ඉල්ලීම සහ නවතම සමීක්ෂණ වාර්තාවල ප්‍රතිඵලයක් ලෙස හෙට සිට නව වැඩසටහනක් ආරම්භ කිරීමට නියමිතයි.

නවීන තාක්ෂණය යොදා ගනිමින් ශ්‍රාවකයන්ට නැවුම් අත්දැකීම් ලබාදෙන අතර ඔවුන්ට මුදල් බෙදාදීමට ද නෙත් එෆ් එම් රේඩියෝව මේ වනවිටත් සූදානම්ව සිටිනවා.

ඒ අනුව ශ්‍රී ලාංකීය රේඩියෝ ශ්‍රාවකියින් විශාල පිරිසක්ගෙ පළමු තේරීම වූ නෙත් එෆ් එම් අලුත් බැලුම්ගලේ නවතම වෙනස හෙට උදේ 07.00ට ආරම්භ කිරීමට නියමිතයි.

උදෑසන රේඩියෝ වැඩසටහන්වල සිදුවන එම දැවැන්ත වෙනස වෙනස පිළිබඳ තොරතුරු නෙත් එෆ් එම් වැඩසටහන් අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු මනෝජ් උදටියාවලගෙන්.