පකිස්තාන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ පේෂාවර් සල්මි කණ්ඩායම සහ කරච්චි කිංස් කණ්ඩායම අතර ඊයේ රාත්‍රියේ පැවති තරඟයේදී පිත්තෙන් සුපිරි දක්ෂතා දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් මෙන්ඩිස් සමත් වුණා.

පේෂාවර් සල්මි කණ්ඩායම නියෝජනය කරන කුසල් මෙන්ඩිස් මෙම තරගයේදී ලකුණු 109ක් රැස් කලේ පන්දු 52කදීයි.

කුසල්ගේ මෙම සුපිරි ඉනිමට හතරේ පහර 14ක් සහ හයේ පහර 4ක් ඇතුලත් වුණා.

ඔහුට අනගි සහයක් ලබා දුන් පේෂාවර් සල්මි කණ්ඩායමේ නායක බාබර් අසාම් පන්දු 51කදී නොදැවී ලකුණු 87ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමගින්.

කුසල් මෙන්ඩිස් සහ බාබර් අසාම් එක්ව දෙවන කඩුල්ල වෙනුවෙන් මෙහිදී ගොඩනැගූ සබඳතාව ලකුණු 190ක්.

ඒ අනුව පේෂාවර් සල්මි කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුළු 03ක් දැවී රැස් කල ලකුණු 246ක් රැස්කිරීමට සමත් වුණා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කල කරච්චි කිංස් කණ්ඩායමට පන්දුවාර 16යි එක් පන්දුවකදී සියළුදෙනා දැවී ලබා ගත හැකි වුණේ ලකුණු 87ක් පමණයි.

ඒ අනුව කුසල් මෙන්ඩිස් නියෝජනය කරන පේෂාවර් සල්මි කණ්ඩායමට මෙම තරගයෙන් ලකුණු 159ක දැවැන්ත ජයක් හිමි වුණා.