Published
නව වසර උදාවූ ඊයේ දිනයේ සිදුවූ පුද්ගල ඝාතන තුනක් සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ ආරම්භ වී තිබෙනවා.
ඊයේ රාත්රියේ එක් ඝාතනයක් සිදුව තිබුණේ නවගමුව, කොරතොට, මැණිකාගාර පාර ප්රදේශයේයි.
එහිදී නිවසක් තුළ සිටි පුද්ගලයින් තිදෙනෙකුට යතුරුපැදියකින් සහ ත්රිරෝද රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා පළාගොස් තිබුණා.
වෙඩි තැබීමෙන් එක් අයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූ අතර ඔහු වයස අවුරුදු 20ක තරුණයෙක්.
අනෙක් දෙදෙනා තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මේ අතර මරදන්කේනි, වත්තිරායන් ප්රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබුණේ තියුණු ආයුධයකින් පහර දීමෙන්.
අගලවත්ත, දෙල්පාවත්ත ප්රදේශයේදී ද සැමියා විසින් දොර පොල්ලකින් පහර දී 79 හැවිරිදි කාන්තාවක් ඝාතනය කර තිබුණා.


