හිමිකාරිත්වය තහවුරු නොගත් රුපියල් දෙකෝටි හැටහත් ලක්ෂ හතලිස් පන්දහසක මුදලක් සමග සැකකරුවන් 07 දෙනෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පෑලියගොඩ, නාරංමිණිය ප්‍රදේශයේදී කැලණිය කොට්ඨාස අපරාධ නිවාරණ කාර්යංශයේ නිලධාරින් විසින් සැක කටයුතු ත්‍රීරෝද රථයක් පරික්ෂාවට ලක් කිරීමේදීයි.

එහිදී ත්‍රීරෝද රථයේ පිටුපස අසුනේ ගමන් ගත් පුදග්ලයෙකු සන්තකයේ තිබූ බෑගයක් තුල රුපියල් ලක්ෂ තිහක මුදලක් තිබී ඇති අතර අදාල මුදල සම්බන්ධයෙන් ඇති වූ සැකය මත වැඩිදුර විමර්ශන සඳහා එම පුද්ගලයා සහ ත්‍රීරෝද රථයේ රියදුරු ත්‍රීරෝද රථයද සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ එම මුදල පිටකොටුව ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක සේවකයෙකු විසින් එම ආයතනයට අයත් මුදල් බැංකුගත කිරීමට රැගෙන යාමේදී කොල්ලකෑමක් සිදුවූ බවට හැඟීයන පරිදි සැලසුම් කර සැකකරුට ලබාදී ඇති බවයි.

වැඩිදුර විමර්ශනවලදී එම අපරාධයට අදාලව තවත් රුපියල් ලක්ෂ 15ක මුදලක් සමග සැකකාරියක් සහ රුපියල් දෙකෝටි විසි දෙලක්ෂ හතලිස් පන්දාහක මුදලක් සමග තවත් සැකකරුවන් පස් දෙනෙකු අපරාධයට යොදාගත් යතුරුපැදියක් ද සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කැලණිය කොට්ඨාස අපරාධ නිවාරණ කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු