රට තුළ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඇති වී ඇති සන්නිවේදන බාධා හේතුවෙන් ගුවන් නියමුවන් සහ කාර්යමණ්ඩල සාමාජිකයින් සම්බන්ධ කර ගැනීමට නොහැකි වී ඇති බව ශ්‍රීලංකන් ගුවන් සේවය දැනුම් දී තිබෙනවා.

ඒ අනුව මෙහෙයුම් උපදෙස් ලබා ගැනීම සඳහා වහාම පාලන මධ්‍යස්ථානය අමතන ලෙස සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින්ගෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය ඉල්ලීමක් කරනවා .

මේ අතර කටුනායක ගුවන් තොටුපල තුල මේවන විට 500කට වැඩි පිරිසක් සිරවී සිටින බවට වාර්තා වනවා. ඒ පවතින කාර්යමණ්ඩල සාමාජිකයින්ගේ සම්බන්ධ කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ