දිවයිනේ බොහෝ ප්‍රදේශවල තවමත් පවතින්නේ තද වැසි සහිත කාලගුණ තත්ත්වයක්.

ඒ අනුව බොහෝ ගංගා සහ ජලාශවල ජල මට්ටම්ද ඉහළ ගොස් තිබෙනවා.

 

දිවයිනේ ගිණිකොණ දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, දකුණ සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් සියයට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ.

ඉදිරි දින කිහිපය තුළදීද බොහෝ ප්‍රදේශවල වැසි ඇතිවිය හැකි බවයි ඔහු පැවසුවේ.