Published
                
                 
                
            අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු වැල්ලවාය, ගම්පංගුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙවයා.
ඒ, වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ වැටලීමකදීයි.
එහිදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 260ක් සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් එම සැකකරු අධිකරණය මග හරිමින් සිටි වරෙන්තුකරුවෙකු වන අතර විවිධ අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු බවද පොලිසිය පැවසුවා.
ඔහු ගම්පංගුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධ විමර්ශන වැල්ලවාය පොලිස් ස්ථානය මගින් සිදු කරනු ලබනවා.




