සිරගත කරන සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්යානයේදී ආරම්භ කළ සත්යග්රහය පස්වන දිනටත් මේ වනවිට ක්රියාත්මකයි.
පසුගිය 16 වැනි දින පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට වැඩම කළ ස්වාමින් වහන්සේලා විසින් මෙම සත්යග්රහය ආරම්භ කළ අතර එදින එහි අට්ටාලයක් ඉදි කිරීමට යාමේදී පොලිසිය සමග උණුසුම් තත්ත්වයක්ද හටගත්තා.
කෙසේවෙතත් ඥානසාර හිමියන් නිදහස් කර ගන්නා තෙක් තමන් එම ස්ථානයෙන් ඉවත් නොවන බවයි සත්යග්රහයේ නිරත භික්ෂුන් වහන්සේලා පැවසුවේ.
මේ අතර සිරගත කරන සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා අදත් පළාත් පාලන ආයතන කිහිපයක විපක්ෂයේ නියෝජිතයන් විරෝධතාවල නිරත වුණා.
ඒ අනුව තලාව ප්රාදේශිය සභාවේ පොදු විපක්ෂය කණ්ඩායම නිහඩ විරෝධතාවක් පැවැත්වූයේ කළු ඇදුමින් සැරසී බැනර් ද ප්රදර්ශනය කරමින්.
මේ අතර බද්දේගම ප්රාදේශීය සභා සැසිවාරයේදී අද උණුසුම් තත්ත්වයක් හට ගත්තා. ඒ, එම ප්රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්රීවරයෙක් සිවුරක් රැගෙන සභාවට පැමිණීමත් සමගයි.




