කොළඹ දිස්ත්‍රික්කයේ විශේෂ ඩෙංගු මර්දන සතියක් අනිද්දා (15) සිට 21 වන දින දක්වා ක්‍රියාත්මක කිරීමට කොළඹ දිස්ත්‍රික් ඩෙංගු මර්දන කමිටුව තීරණය කර තිබෙනවා.
ඒ, එම කමිටුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදීයි.
රට පුරා වාර්තාවී ඇති ඩෙංගු රෝගීන්ගෙන් සියයට 25.8ක්ම කොළඹ දිස්ත්‍රිකයෙන් වාර්තාවී තිබෙනවා.
මේ හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කය ‘අධි අවදානම්‘ දිස්ත්‍රික්කයක් ලෙස නම් කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය කටයුතු කර ඇති බව සඳහන්.
රෝග ව්‍යාප්තිය ඉහළ යාමට, වෛරසයේ ස්වභාවය මෙන්ම, ඊට එරෙහිව ජනතාව තුළ ඔරොත්තු දීමේ හැකියාව ප්‍රමාණවත් පරිදි වර්ධනය වීමට කාලයක් නොලැබීම බලපා ඇති බවද එම කමිටුවේදී හෙළි වී තිබෙනවා.
විශේෂයෙන්ම, පසුගිය කාලයේ පැවැති අධික වර්ෂාපතනයත් සමඟ ඩෙංගු ව්‍යාප්තිය නැවත වරක් උග්‍රවී ඇති බව සෞඛ්‍ය අංශ විසින් එහිදී පෙන්වා දෙනු ලැබුවා.
මෙවර ඩෙංගු ව්‍යාප්තිය, නිවාසවලට වඩා වැඩි වශයෙන් රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, පාසල් සහ ආගමික ස්ථාන වැනි පොදු ස්ථානවලින් වාර්තා වන බව විශේෂයෙන් හඳුනාගෙන තිබෙනවා.
කාර්යාල සහ පොදු ස්ථානවල ඉවත් කරන ඝන අපද්‍රව්‍ය සහ කානු පද්ධති හරහා මදුරුවන් බෝවීමට ප්‍රධාන හේතු වී ඇති බවද අනාවරණ වු බවයි එහිදී ප්‍රකාශ වී ඇත්තේ.




