සමගි ජන බලවේගය අද දින පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී පළ කර ඇති අදහස් පහතින් දැක්වේ.

සමගි ජන බලවේගය අද දින පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී සහ ඊට පෙර පැවැති කළමනාකරණ කමිටු රැස්වීම් දෙකකදී ඒකමතික තීන්දුවක් හරහා සමගි ජන බලවේගයේ නායකත්වයෙන් මූලිකත්වයෙන් සහ මෙහෙයවීමෙන් එක්සත් ජාතික පක්ෂය සමඟ පොදු වැඩපිළිවෙළකට ක්‍රියාමාර්ගයකට දේශපාලන වශයෙන් ප්‍රවේශ වීමට තීරණය කළ බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඒ උදෙසා ඒකමතික අනුමැතිය ලැබූ බවත් රටටත් ජනතාවටත් බලපාන කරුණු කාරණා ගැන ප්‍රශ්න ගැටලුවලට විසදුම් සහ උත්තර ලබා දීමට ප්‍රායෝගික ජනතාවාදී ප්‍රගතිශීලි ජනහිතකාමී ප්‍රතිපත්තිමය එකඟතාව මත මේ ගමන සමගි ජන බලවේගයෙ නායකත්වයෙන් ඉදිරියට යන බවත් එහි දී පක්ෂ දෙකේ අනන්‍යතාව පවත්වා ගනිමින් කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.