දීපාවලි උත්සව සමයේ දුර සහ කෙටි දුර ධාවනයෙන් තම ඩිපෝවට රු. එක්කෝටි විසි ලක්ෂයක පමණ ආදායමක් උපයා ගැනිමට හැකිවී තිබෙනවා.
හැටන් ලංගම ඩිපෝවේ ඩිපෝ අධිකාරි ඩබ්ලිව්.ජී. කීර්තිරත්න මහතා සඳහන් කර සිටියේ තම ඩිපෝවේ බස් රථ 90ක් පමණ පසුගිය (17,18,19) යන දින තුල ධාවනයට එක් කල බවත්, ඒ අනුව රියදුරු මහතුන්ගේ සහ කොන්දොස්තර මහතුන්ගේ දැඩි කැපවීම හමුවේ එම ආදායම උපයා ගැනීමට හැකි වූ බවයි
තම ඩිපෝවේ සේවය කරන රියදුරු සහ කොන්දොස්තරවරුන් විශාල පිරිසක් හින්දු භක්තිකයන් බවත්, ඔවුන් දීපාවලී උත්සවය සදහා නිවාඩු ලබා සිටියදී සේවයට පැමිණෙන රියදුරු සහ කොන්දොස්තරවරුන් එක් කර ගනිමින් බස් රථ 80ක් ධාවනයට එක් කල බවයි ඩිපෝ අධිකාරිවරයා වැඩි දුරටත්සඳහන් කර සිටියේ.
දීපාවලී උත්සව සමයට පිට පළාත්වල රැකියාවල නිරතව සිට වතුකරයට පැමිණි පිරිස දීපාවලී උත්සව සමයෙන් පසු ආපසු තම රැකියා ස්ථානවලට යෑමට අවශ්‍ය බස් රථද ධාවනයට එක් කිරිමට සැලසුම් කර ඇති බවද ඩිපෝ අධිකාරිවරයා පැවසුවේ




