Published
දැනට පොලිස් අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙහෙල්බද්දර පද්මේගේ දුරකතන 30ක් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබද අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.




