බණ්ඩාරගම පොලිස් වසමේ පානදුර - හොරණ මාර්ගයේ කොතලාවල හන්දිය අසලදී සිදුවූ අනතුරකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට ප්‍රවේශ වීමට ගිය යතුරුපැදියක් හොරණ දෙසට ධාවනය වූ මගී බස් රථයක ගැටී අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ. අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුවා බණ්ඩාරගම රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. එලෙස ජීවිතක්ෂය පත්ව ඇත්තේ යටියන, බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි පාසල් සිසුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.