Published
විදුලි ගාස්තු සංශෝධනය කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් කළ යෝජනාව පිළිබඳ අවසන් තීරණය ප්රකාශ කිරීමට හැකිවන්නේ මහජන උපදේශන ක්රියාවලියට ගතවන සති තුනක කාලය ඉක්මවීමෙන් පසු බව ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.
එහි අධ්යක්ෂ, ආයතනික සන්නිවේදන ජයනාත් හේරත් මහතා නෙත් නිවුස් වෙත පැවසුවේ මහජන උපදේශන ක්රියාවලියට සිදුවන දින වකවානු ලබන සතියේ ප්රකාශයට පත් කිරීමට හැකිවනු ඇති බවයි.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් කළ යෝජනාව සම්බන්ධයෙන් සමාලෝචන කටයුතු ආරම්භ කර ඇති බවද ඔහු කියා සිටියා.
කෙසේවෙතත් විදුලි ගාස්තු සංශෝධනය කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය කළ එම යෝජනාවට බොහෝ පාර්ශ්ව විරෝධය පළ කරනවා.




