හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ මාධ්‍ය ලේකම් ලෙස කලක් කටයුතු කළ ප්‍රසාද් මංජු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හිටපු අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කළ වකවානුවේදී රජයේ වාහනයක් අවභාවිත කළ බවටයි ඔහු චෝදනාවට ලක්ව සිටින්නේ.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේදී අද පැය කිහිපයක් ඔහුගෙන් ප්‍රශ්න කෙරුණා.

එලෙස කෙරුණු ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.