කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර  රන් මහ සටන මැයි 8,9 සහ 10 දිනවල කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

මෙවර එදින ක්‍රිකට්ට් තරගයේ ලබන 17 වැනිදා SSC ක්‍රීඩාංගනයේ පැවැත්වෙන අතර එය දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙනවා.

විස්සයි විස්ස තරඟය පැවැත්වෙන්නේ ලබන විසි දෙවැනි දා SSC ක්‍රීඩා පිටියේදී.

කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ සහ මහනාම විද්‍යාලයේ සහභාගිත්වයෙන් පැවති මාධ්‍ය හමුවේදී තරඟ තුන වෙනුවෙන් කුසලාන හඳුන්වාදීමත් අනුග්‍රහකචෙක්පත් පිරිනැමීමක් සිදුකරුණා.

කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ  විදුහල්පති සම්පත් වේරගොඩ මහතා සහ මහානාම විද්‍යාලයේ විදුහල්පතිනී සඳමාලී බණ්ඩාර මහත්මිය මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විද්‍යාල පිළිබඳ පැහැදිලි කළා..

මෙවර ක්‍රිකට් තරගාවලිය සඳහා ඩී.එස්.සේනානායක විද්‍යාලයේ නායකත්වය දරන්නේ රන්දිස බණ්ඩාරනායක මෙන්ම මහනාම විද්‍යාලයට නායකත්වය ලබා දෙන්නේ දුල්නිත් සිගරා විසින්.

විද්‍යාල දෙකම ඒකාබද්ධ වෙමින් එහි ආදි ශිෂ්‍ය සංගම්වල මැදිහත්වීමෙන් තරග කමිටු සංවිධානය කර තිබෙනවා.

2006 වර්ෂයේ දී ආරම්භ වූ රන් මහා සටන මේ වසර පැවැත්වෙන්නේ විසි වැනිවරටයි.

ආරම්භයේ පටන් දෙදින ක්‍රිකට් තරඟයක් ලෙස පැවතියත් මේ වන විට තුන්දින ක්‍රිකට් තරගයක් බවට පත්ව තිබෙනවා.

2017 වර්ෂයේ පමණක් ඩී.එස්.සේනානායක විද්‍යාලයේ කුසලානය හිමි කරගෙන තිබෙන අතර මේ වනතුරුත් සෑම තරගයක්ම ජය පරාජයෙන් තොරව අවසන් වී තිබෙනවා.