Published
පසුගිය සති කිහිපය තුළ පමණක් රුසියාව විසින් යුක්රේනයට දැවැන්ත ප්‍රහාර එල්ල කළ බව යුක්රේන නිලධාරීන් පවසනවා. ඔවුන් පවසන පරිදි රුසියාව විසින් ඩ්‍රෝන ප්‍රහාර 574ක් සහ මිසයිල ප්‍රහාර 40ක් එල්ල කර තිබෙනවා. කෙසේවෙතත් එහිදී මියගොස් ඇත්තේ එක් අයෙකු පමණයි. මෙම ප්‍රහාර එල්ල වූයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රුසියාව සහ යුක්රේනය අතර ගැටුම් නැවැත්වීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවකට නායකත්වය දෙන අතරතුර වීම විශේෂත්වයක්. යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසා ඇත්තේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවීමට තමන් සූදානම් බවයි. රුසියාව විසින් යුක්රේනය ආරම්භ කළේ 2022 වසරේදීයි. රුසියාව දැනට යුක්රේන භූමියෙන් පහෙන් එකක් පමණ පාලනය කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.