Published
හොරණ, නාරගල පාලම අසල කළුගඟේ දිය නාමින් සිටි තරුණයෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.
පොලිසිය පැවසුවේ වයස අවුරුදු 20 ක් වූ අගුරුවාතොට ප්රදේශයේ පදිංචි තරුණයෙකු එලෙස අතුරුදන්ව ඇති බවයි.
ඔහු තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමග කළු ගගේ දිය නාමින් සිටියදී එලෙස අනතුරට ලක්ව තිබෙනවා.
අතුරුදන් වූ එම තරුණයා සොයා පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් සහ ප්රදේශවාසීන් සමග මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි හොරණ පොලීසිය පැවසුවේ.




