සිය මධුර මනෝහර හඬින් මෙරට රසික සිත් සැනසූ හෙළ ගී රැජින කලාශූරී දේශමාන්‍ය ලතා වල්පොල මහත්මියගේ සත්දින මතක බණ පිංකම අද රාත්‍රියේ පවත්වා තිබෙනවා.

පසු ගිය 27 වන දින සිය දිවි ගමනට සමු දුන් ලතා වල්පොල මහත්මියගේ අවමංගල්‍ය උත්සව කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව නිදහස් චතුරස්‍රයේදී සිදු කෙරුණා.

මියයන විට ඇය 91 වන වියේ පසු වුණා.