රුපියල් ලක්ෂ පනස් හතක් වටිනා චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ විදේශීය ගුවන් මගීන් දෙදෙනෙකු අද(19) අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් චීන ජාතික ව්‍යාපාරික කාන්තාවන් දෙදෙනෙකි.

ඔවුන් අද(19) අලුයම 12.30 ට චීනයේ චෙන්ඩු නුවර සිට චීන ගුවන් සේවයේ (Air China) සී.ඒ.- 425 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ චීනයේ නිෂ්පාදිත දුම්වැටි 38,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 190 ක් සගවා ගෙන සිටියදී මෙසේ අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මේ වනවිට මොවුන් දෙදෙනා අත්අඩංගුවේ තබා ගෙන කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.