Published
මෙරට මාර්ග අනතුරුවලින් සිදුවන මරණවලින් වැඩි ප්‍රතිශතයක් යතුරු පැදි ආශ්‍රිතව සිදුවන අනතුරු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.
එහි සභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා පැවසුවේ යතුරු පැදිවල ගමන් ගන්නා දෙමාපියන් හෙල්මට් පැළඳ සිටියද, ළමුන් සඳහා හෙල්මට් නොපැලඳීම හෝ සුදුසු ප්‍රමිතියෙන් යුත් හෙල්මට් නොමැතිවීම ඊට ප්‍රධාන ගැටලුවක් වී ඇති බවයි.
මෙරට සිදුවන මාර්ග අනතුරු හේතුවෙන් දිනකට පුද්ගලයින් 8 ත් 9 ත් අතර සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ කැඳවුම්කරු වෛද්‍ය රුවන් තුෂාර මහතා පැවසුවා.
ගිය වසරේ පමණක් මාර්ග අනතුරු හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 2721ක් වන බවත් ඊට දස ගුණයකට ආසන්න පිරිසක් බරපතල තුවාල ලබා ඇති බවත් ඔහු වැඩිදුරටත් කියාසිටියා.




