Published
හින්දු බැතිමතුන්ගේ ප්‍රධාන වාර්ෂික උත්සවයක් වන දිපාවලී උත්සවය වෙනුවෙන් එම ජනතාව මේ වනවිටත් මහත් ඕනෑකමින් කටයුතු කරමින් සිටිනවා.
ඒ අනුව හින්දු බැතිමතුන් වෙසෙන සෑම නගරයකම පාහේ වෙළඳසැල් එම ජනතාවගෙන් පිරී ගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
උතුරේ ජනතාව දීපවාලි උත්සවයට ඇති සූදානම පිළිබඳව තොරතුරු සොයා බැලුවා වව්නියාව නෙත් නිවුස් වාර්තාකරු මාධව කුලසූරිය.
දීපාවලී උත්සව සමයේ සිය වෙළඳාම් කටයුතුද ඉහළ ගොස් ඇති බව ව්‍යාපාරික වෙළඳුන් පැවසුවා.
දීපාවලී උත්සවට ලබන සඳුඳා දිනට යෙදී තිබෙනවා.


