සිය ආයතනයේ සේවය කළ සේවකයකුට බැන තර්ජනය කර පහරදී තුවාල සිදුකළැයි කියන සිද්ධිකයට අදාලව අත්අඩංගුවට ගත් ව්‍යාපාරික විරාජ් වික්‍රමනායක මහතා ඇප මත මුදා හැරියා.

ඒ, මහරගම පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

එහිදී අධිකරණය නියෝග කළේ ව්‍යාපාරික විරාජ් වික්‍රමනායක මහතා රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මත මුදා හැරිමටයි.

මෙම සිද්ධිය සමථ මණ්ඩලයට යොමු කර වාර්තා කැඳවීමට ද අධිකරණයෙන් නියෝග නිකුත් කර තිබෙනවා.

මෙම සැකකාර ව්‍යාපාරිකයා මහරගම පිහිටි සිය ව්‍යාපාර ආයතනයේ සේවකයකුට පහරදී තුවාල සිදුකළැයි කියන සිද්ධියට අදාලව සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පට විශාල වශයෙන් සංසරණය වු බවත් එමගින් සමාජයේ කැළඹීමක් ඇතිවූ බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

මෙම සිද්ධියට අදාල සේවයකයා පැමිණ පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබූ බවයි පොලිසිය සඳහන් කර තිබුණේ.

ඒ අනුව, සැකකරු නිතීඥවරුන් දෙදෙනෙක් මාර්ගයෙන් අද මහරගම පොලිසියට පැමිණ භාර වී තිබුණා.