විදෙස් රටක රැකියා ලබා දෙන බවට පවසා රුපියල් ලක්‍ෂ 20 ක මුදලක් වංචා කළ පානදුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශයට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකදීයි.

ඒ, අනුව සැකකාරිය අළුබෝමුල්ල පොලිස් වසමේදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

ඇය 41 වන වියේ පසු වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.