Published
වැලිසර රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තබා සිටි , චීන ජාතිකයන් 37 දෙනෙකු මෙරටින් පිටුවහල් කර තිබෙනවා.
ඒ අතර චීන ජාතික කාන්තාවන් 06 දෙනෙකු ද සිටි බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ.
ආගමන විගමන දෙපාර්තමේන්තු නීතිරීති උල්ලංඝනය කරමින් , අනීතික ලෙස ශ්‍රී ලංකාව තුළ රැදී සිටිමින් , නීතිවිරෝධී කටයුතු වල නිරත වී සිටියදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබුණා.
ඔවුන් මෙරටින් රැගෙන යාම සදහා එරට ආරක්ෂක නිලධාරීන් 11 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ




