Published
ඩිජිටල් සේවා සඳහා සියයට 18ක වැට් බද්දක් පැනවීම අලුතෙන් පැනවූ බද්දක් නොව මෙම වසර සඳහා ඉදිරිපත් කළ අයවැයෙන් ගෙනා යෝජනාවක් බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා.
අප්‍රේල් මස 01වනදා සිට ක්‍රියාත්මක කළ යුතුව තිබූ එම බදු අයකර ගැනීම පැවති නඩු කටයුතු හේතුවෙන් ඔක්තෝබර් මස පළමුවනදා දක්වා කල් ගොස් ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
ඩිජිටල් සේවා සඳහා සියයට 18ක වැට් බද්දක් පැනවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා පිළිබඳ කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.