රුපියල් විසි පන් කෝටි පනස් ලක්ෂයක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළ ව්‍යාපාරිකයන් සදහා වන ” රක්ත මාවත ” ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු රාගම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි යතුරු පැදි සයිලන්සර් අළුත්වැඩියා කරන්නෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 04 ක් තුළ තිබූ, සයිලන්සර් 16 ක් තුළ, සගවා තිබූ ”කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 25 ග්‍රෑම් 500 ක් රේගු නිළධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

සැකකරු සහ එම මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සදහා ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.