ගංවතුර උවදුරෙන් පසුව උතුරේ ධීවරයින් ගැටලු රැසකට මුහුණ පා සිටින නිසා එම ප්‍රශ්න හා ගැටලු වලට විසදුමක් ලබා ගැනීම පිණිස ජනාධිපතිවරයාව හමු විය යුතු බව ඔවුන් යාපනයේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී ආණ්ඩුකාරවරය වෙත දැණුම් දී තිබෙනවා.

පෙත්සම බාරදුන් ධීවර නියෝජිතයෝ ඔවුන්ට ගංවතුර උවදුරෙන් පසුව විදීමට සිදුව ඇති තත්ත්වය පිළිබදව ආණ්ඩුකාරවරයාටද කරුණු සැල කොට සිටි අතර පසුව ධීවර නියෝජිතයින් විසින් බාර දෙන ලද පෙත්සම ජනාධිපතිවරයාට බාර දීම පිණිස ආණ්ඩුකාරවරයා විසින් බාර ගනු ලැබුවා.