පාර්ලිමේන්තුව අද පෙරවරු 09.30ට යළි රැස්වනවා.
අද සිට 24 වන සිකුරාදා දක්වා දින හතරේදී පාර්ලිමේන්තුව රැස්වීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරුණා.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ අංක 2446/34 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග අද පෙරවරු 11.30 සිට පස්වරු 05.00 දක්වා විවාදයට ගැනීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළේ.
ඉන්පසුව පස්වරු 05.00 ට පමණ මේවන විට පාර්ලිමේන්තුවේ දෙවනවර කියවීමේ විවාදය පවත්වා අවසන්කොට ඇති පෞද්ගලික දත්ත ආරක්ෂණ සංශෝධන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේ සලකා බලා තෙවැනිවර කියවීමට නියමිතව තිබෙනවා.
ඉන් අනතුරුව පස්වරු 05.00 සිට පස්වරු 05.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන යෝජනාවට අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.




