ඕස්ටේ්‍රලියාව වෙත විදෙස් ණය වාරිකයක් ගෙවීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2.5 මුදලක් සයිබර් අපරාධකරුවන් අතට පත්වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සිදුකළ විමර්ශණ වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

ඒ, එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා විසින්.

එහිදී මන්ත්‍රිවරයා කියා සිටියේ සයිබර් වංචාවක් සිදුව ඇති බව පැහැදිලි වන බවයි.

එම අපරාධය සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා අදාළ අංශ වෙත යොමු කරන ලෙසයි මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේ.