Published
දරුවන් සතුටින් පාසල් වෙත පැමිණීම දැකීම සිය අපේක්ෂාව වන බවත් සිහින පාසලක් සදහා වූ සැලසුමක් අනුව කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය පවසනවා.
අතුරුගිරිය ගුණසේකර විද්‍යාලයේදි අද පැවති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කියාසිටියා.
මෙම වසරේ හය ශ්‍රේණියට ඇතුළත් වන සිසුන්ද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතට ගැනීමට අදාල සැලසුමක් මේ වනවිට සකස් කරමින් සිටින බව ද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මෙහිදි වැඩිදුරටත් සදහන් කළා.




