සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘පොට්ට අමිල‘ සහ ඔහුගේ සමීපතමයන් තිදෙනෙකු අද දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, මොරගහහේන පොලීසිය විසින්. අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී මත්පෙති 5,300ක් සහ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 15,000ක් ද සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.
එම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 10ක් පමණ වන බවයි අනාවරණ වී ඇත්තේ. එමෙන්ම මෙම ජාවාරමට යොදාගත් ජංගම දුරකථන 3ක්ද පොලීසිය සිය භාරයටට ගෙන ඇත.
ගෝනපොල කුඹුකවත්ත ප්‍රදේශයේ මත්ද්‍රවය ජාවාරම්කරුවෙකු වන පොට්ට අමිල නැමැත්තාගේ සමීපතමයෙකු අයිස් මත්ද්‍රව්‍ය බෙදාහැරීම සඳහා පැමිණෙමින් සිටින බවට මොරගහහේන පොලීසියට අනුයුක්ත කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන්ට සහ විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රවය මිලිග්‍රෑම් 2,200ක් පොලීසිය සොයාගෙන තිබෙනවා. ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලට අනුවයි තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
එම සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2,100 ක් සහ මත්පෙති 300ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ‘පොට්ට අමිල’ නැමැත්තා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් වන මේ වනවිට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ‘මෝල් කසුන්‘ සහ ‘මන්නා රමේශ්‘ නැමැත්තන්ගේ සමීපතමයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයකු බවත් මීට වසර කිහිපයකට ඉහතදී වෙනත් පාර්ශවයක් සමග ඇතිවූ ආරවුලකදී ඇසිඩ් ප්‍රහාරයකට ලක් වීමෙන් අනතුරුව ඔහුගේ දෑස් අන්ධභාවයට ලක්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.



