අයවැය කාරක සභා අවස්ථා විවාදය යටතේ අද දිනයේ විවාදයට ගැනීමට නියමිතව තිබූ අමාත්‍යංශ 04ක වැය ශීර්ෂ විවාදයකින් තොරව සම්මත වුණා.
එලෙස සම්මත වුණේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය, බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සහ පරිසර අමාත්‍යංශයට අයත් වැය ශීර්ෂයි.
ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ කටයුතු එළඹෙන 03වනදා දක්වා උදෑසන 09 දක්වා කල් තැබුණා.
එලෙස පාර්ලිමේන්තුවේ කටයුතු නියමිත වේලාවට පෙර අවසන් වුණේ රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් අද දිනට නියමිත පාර්ලිමේන්තුවේ කටයුතු මධ්‍යහ්න 12.30ට අවසන් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ගනු ලැබූ තීරණයට විරෝධය පළ කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටව යාමත් සමගයි.
අද දින පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදී හදිසි නීතිය පැනවීමට අදාළ ජනාධිපතිවරයාගේ නිවේදනය කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
ඉන් අනතුරුව ප්‍රධාන කටයුතු ආරම්භයේදී සභානායකවරයා යෝජනා කළේ රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන අදට නියමිත පාර්ලිමේන්තුවේ කටයුතු කෙටි වේලාවකින් අවසන් කිරීමට විපක්ෂයේ සහය ඉල්ලා සිටින බවයි.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා එහිදී පළ කළේ මෙවන් අදහසක්.
ඒ අනුව අදාල කරුණ සම්බන්ධයෙන් සාකච්ඡා තිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස් කිරීට සඳහා පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි 30කට අත්හිටවනු ලැබුවා. ඉන් අනතුරු පාර්ලිමේන්තුවය යළි රැස් වීමෙන් පසු කතානායකවරයා ගනු ලැබූ තීරණ මෙලෙස ඉදිරිපත් කළා.
කෙසේවෙතත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට විරෝධය පළ කළ අතර එහිදී සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා අතර මෙවන් සංවාදයක් ඇති වුණා.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාගර්භයෙන් පිටව යෑමෙන් පසු අදට නියමිත කාරක සභා අවස්ථාවේ කටයුතු විවාදයකින් තොරව සම්මත කරගැනීමට සභානායකවරයා යෝජනා කළේ මෙලෙසයි.
මහතා පැවසුවේ මධ්‍යහ්න 12යි 30ට පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් කිරීමට විපක්ෂයේ නායකයින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර සභාවේදී එකඟතාව පළ නොකළ බවයි.
ඒ අනුව අද දින අයවැය විවාදයට සහභාගී නොවී පාර්ලිමේන්තුවේ කටයුතුවලින් ඉවත්වන බවද විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කියා සිටියා.




