Published
ශ්රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතයනට ආනුව 2025 ඔක්තෝබර් මාසයෙන් අවසන් වූ මාස10 තුළ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල 3.9%කින් අවප්රමාණය වී තිබෙනවා.
ඒ අනුව නිකුත් කල නව විනිමය අනුපාතයනට අනුව ඩොලරයක ගැනුම් මිල රු. 300.71ක් හා විකුණුම් මිල රු. 308.20ක් ලෙසින් සඳහන් වෙනවා.
ඉකුත් 2024 සැප්තැම්බර් 23 වැනිදායින් පසුව ඩොලරයක් සඳහා වාර්තා වී ඇති ඉහළම මිල මෙය ලෙසයි දැක්වෙන්නේ.
මේ අනූව අද දිනට එක්සත් ජනපද ඩොලරයක එතැන් විනිමය අනුපාතිකය රු. 304.53 ක් ලෙසයි සටහන් වන්නේ.




