රහසිගතව පවත්වන දුරකථන සංවාදවල හඬපට අනාවරණය වීම මේ වන විට ලොව පුරා අලුත් පුවත් මවන මාතෘකාවක් වී තිබෙනවා.
ඉකුත් සතියේ ඒ සම්බන්ධයෙන් කතාබහක් මතු වුණේ තායිලන්ත අගමැතිනිය හා කාම්බෝජයේ ප්‍රධානියෙකු සමඟ පැවැත් වූ දුරකථන සංවාදයක් අනාවරණය වීමත් සමඟයි.
දැන් තවත් අගමැතිනියක් සිදු කළ දුරකථන සංවාදයක හඬ පටයක් අනාවරණය වී තිබෙනවා.
ඇය බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනායි.
පසුගිය වසරේ බංග්ලාදේශයේ පැවති ශිෂ්‍ය විරෝධතා මාරාන්තික ලෙස මර්දනය කිරීමට එවකට අගමැතිනි ෂෙයික් හසීනා විසින් අවසර දී ඇති බවයි එම දුරකථන හඬ පටයෙන් අනාවරණ වී ඇත්තේ.
එහිදී හසීනා විසින් විරෝධතාකරුවන්ට එරෙහිව මාරාන්තික අවි භාවිතා කිරීමට ආරක්ෂක හමුදාවන්ට බලය ලබා දුන් අයුරු සඳහන්ව තිබෙනවා.
ඔවුන් සොයා ගන්නා ඕනෑම තැනක, ඔවුන්ට වෙඩි තබන ලෙස දන්වා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
කෙසේවෙතත් ඉන්දියාවට පලා ගිය ෂෙයික් හසීනා සහ ඇගේ පක්ෂය මෙම සියලු චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ විමර්ශකයින්ට අනුව මෙම නොසන්සුන්තාවයෙන් පුද්ගලයින් 1,400ක් පමණ මිය ගියා.