Published
                
                 
                
            පසුගිය වසරට සාපේක්ෂව පොහොර මිල ගණන් වැඩි වී ඇති බව ඒකාබද්ධ ගොවි සංවිධානය පවසනවා.
එහි සභාපති ජගත් අරුණ කීර්ති මහතා රජයෙන් ඉල්ලා සිටින්නේ පොහොර මිටියක මිල රුපියල් 600ත් 700ත් අතර මිලකින් ඉහළ ගොස් ඇති බැවින් රජය මැදිහත් වී පොහොර සඳහා පාලන මිලක් ලබාදෙන ලෙසයි.
කෙසේවෙතත් පොහොර වැඩි මිලට අලෙවි කරන පුද්ගලයන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා ගොවීන්ගෙන් ඉල්ලා සිටින්නේ වැඩි මිලට පොහොර අලෙවි කරන පුද්ගලයින් සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය දැනුවත් කරන ලෙසයි.




