ශ්‍රී ලංකා ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සේවය කළ අසේල පතිරණ මහතා, වසර 20 ක සේවා කාළයක් නිමා කර, ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර නව පුහුණුකරු තනතුරක් සදහා පිටත්ව ගොස් තිබෙනවා.
අසේල පතිරණ මහතා කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසුවේ තමන් ශ්‍රී ලංකාවේ පැවති සාර්ථක ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියක් නිමා කර, ශ්‍රී ලංකා ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායම ලෝකයේ තුන් වන ස්ථානය තෙක් ඔසවා තැබීමෙන් පසුව තමන් නව තනතුර භාර ගැනීම සදහා ඕස්ටේ්‍රලියාව වෙත යන බවයි.
ශ්‍රී ලංකා ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස ක්‍රිශාන්ත පීරිස් මහතා පත් කර තිබෙනවා.
මේ අතර, 2025 ෂක්‍ක් කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ වදින තවත් තරඟයක් අද පැවැත්වෙනවා.
ඒ, දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිවයි.
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී තරඟය පස්වරු 03.00ට ආරම්භ වීමට නියමිතයි.



