Published
කාන්තාවන්ට පමණක් නොව පිරිමින්ට ද පියයරු පිළිකා වැළඳීමේ සම්භාවිතාව ක්‍රමයෙන් ඉහළ යමින් ඇතැයි ජාතික පිළිකා මර්දන වැඩසටහනේ වෛද්‍ය දුමින්ගා රාජපක්ෂ මහත්මිය පවසනවා.
ඇය සඳහන් කළේ ඉකුත් වසරවල දත්ත විශ්ලේෂණය කිරීමේදී මෙම තත්ත්වය පැහැදිලිව දැකගත හැකි බවයි.
පියයරු පිළිකා වැළඳීමට බලපාන හේතු මොනවාද?
ජාතික පිළිකා මර්දන වැඩසටහනේ වෛද්‍ය දුමින්ගා රාජපක්ෂ මහත්මිය මෙම අදහස් පළ කළේ අද උදෑසන ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අලුත් බැලුම්ගල වැඩසටහනට එක්වෙමින්.