හිරණ, මාලමුල්ල ප්‍රදේශයේ නිවසක නිදා සිටි පුද්ගලයෙකුට කිසියම් නාඳුනන පුද්ගලයෙකු විසින් නිවසේ ජනේලයක් බිඳ වෙඩි තබා පලාගොස් තිබෙනවා.

වෙඩි තැබීම සිදුව ඇත්තේ අද අලුයමයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 32 හැවිරිදි පුද්ගලයෙකු පානදුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

වෙඩි තැබීමට හේතුව හෝ සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ.

වෙඩි තැබීම සඳහා පිස්තෝල අවියක් භාවිත කර ඇති බවයි පොලීසිය සැක පළ කරන්නේ.

සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් තුනක් විමර්ශන ආරම්භ කර තිබෙනවා.