මෙම වසරේ අපනයන ආදායමේ වර්ධනය ප්‍රමාණාත්මක නොවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසනවා.

අවම වශයෙන් අපනයන ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 20ක මට්ටමක පැවතිය යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා.

මෙම වසරේ නොවැම්බර් දක්වා වූ මාස 11ක කාලය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 15,766ක අපනයන ආදායමක් උපයා ඇති බවයි අපනයන සංවර්ධන මණ්ඩලය ඊයේ ප්‍රකාශ කළේ.

එහි සභාපති මංගල විජේසිංහ මහතා පැවසුවේ පසුගිය නොවැම්බර් මාසයේදී පමණයක් අමෙරිකානු ඩොලර් 1,364ක අපනයන ආදායමක් උපයා ඇති බවයි.

එය පසුගිය වසරට සාපේක්‍ෂව සියයට 5.8ක වර්ධනයක් බවද ඔහු කියා සිටියා.