රත්රන් ජාවාරමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් 26 දෙනෙකු විශේෂ ස්කෑන් පරීක්‍ෂාවක් සදහා යාපනය රෝහල වෙත යොමු කර තිබෙනවා.

කන්කසන්තුරය වරායේ සිට ඉන්දියාවේ නාගපට්ටිනම් දක්වා ගමන් කිරීමට නියමිතව සිටි පුද්ගලයන් 146 දෙනෙකු අතරින් එම පිරිස පළමුව විශේෂ පරීක්‍ෂාවකට ලක් කළ බවයි කන්කසන්තුරය රේගු කාර්යාලය පැවසුවේ.

ඒ, මෙරටට පැමිණ සිටි පිරිසක් නීතිවිරෝධී අයුරින් රත්රන් ඉන්දියාව බලා රැගෙන යන බවට ලද තොරතුරක් මත.

ඒ අනුව අත්අඩංගුවට ගත් එම පුද්ගලයන් 26 දෙනා විශේෂ ස්කෑන් පරීක්‍ෂාවක් සදහා යාපනය රෝහල වෙත යොමු කළ බවයි කන්කසන්තුරය රේගු කාර්යාලය වැඩිදුරටත් පැවසුවේ.